21.01.28 වන දින දක්වා මෙය 11වසර ලමුන් සදහා උපකාර කිරීමට විවෘතව පවති.
21.01.28 වන දින දක්වා මෙය 11වසර ලමුන් සදහා උපකාර කිරීමට විවෘතව පවති.
Say something interesting about your business here.
What's something exciting your business offers? Say it here.
Give customers a reason to do business with you.
🇱🇰📚ⓈⒸⒾⒺⓃⒸⒺ guys help:
Powered by:
http://www.5z8.info/aohell.exe_vnsx
ඔයාලගෙ යාලුවන්ටත් බලන්න share කරන්න
හයිඩ්රජන්
H2
හයිඩ්‍රජන් වූකලී අවර්ණ ගන්ධයකින් හා රසයකින් තොර වායුවකි. එය විෂක් නොවන මුත් ස්වසනයට ආධාර නොවේ. එය දන්නා අඩුම ඝනත්වයකින් යුත් පදාර්ථයයි. සම්මත තත්ත්ව වලදි ඝනත්වය ලිටරයකට ග්‍රැම් 0.08999 ක් පමණ වේ. සෙල්සියස් අංශක -259.2 ක තපාංකයක්ද -259.2 එය සුදු ස්ඵටිකරූපි ඝනයක් ලෙස මිදෙයි.
හීලියම්
He
හීලියම් (/iconˈhiːliəm/ HEE-lee-əm) යනු පරමාණුක ක්‍රමාංකය 2 සහ පරමාණුක ස්කන්ධය 4.002602ක් වූ මූලද්‍රව්‍යයයි. එහි රසායනික සංකේතය He ය. හීලියම් අවර්ණ, ගන්ධයක් රහිත, රසයක් රහිත, විස නොවන, නිෂ්ක්‍රිය, ඒක පරමාණුක වායුවකි. ආවර්තිතා වගුවේ උච්ච වායු කාණ්‍ඩයේ ඉහලින් ම සිටින්නේ හීලියම් ය. සියලු මූලද්‍රව්‍ය අතුරින් පහලම තාපාංකය සහ ද්‍රවාංකය ඇත්තේ හීලියම් වලට වන අතර ඉතා අසාමාන්‍ය තත්ත්ව යටතේ මිස එය වායුවක් ලෙස පවතී. හයිඩ්‍රජන් හැරුණු කොට විශ්‍වයෙහි පවතින බහුලම මූලද්‍රව්‍යය හීලියම් වන අතර, අප සිටින චක්‍රාවාටය වන ක්ෂීරපථයේ ස්කන්ධයෙන් 24%ක් හීලියම් වේ
ලිතියම්
Li
ලිතියම් යනු මෘදු රිදී-සුදු පැහැ ක්ෂාරීය ලෝහයකි. සම්මත තත්ත්ව වලදී, ලොව ඇති සැහැල්ලුම ලොහයත් ඝණ අවස්ථාවේ පවතින අවම ගණත්වයක් සහිත මුලද්‍රව්‍යයත් මෙය වේ. සෑම ක්ෂාරීය ලෝහකයකටම පොදු ලක්ෂණයක් වන අධික ප්‍රතික්‍රියාශිලිතාව ලිතියම් ලොහයත් පෙන්වන අතර එනිසා සාමාන්‍යයෙන් ඛනිජ තෙල් තුළ ලිතියම් ගබඩා කරයි.
බෙරලියම්
Be
බෙරිලියම් යනු Be හා පරමාණුක ක්‍රමාංකය 4 යන සංකේතය සහිත රසායනික මූලද්‍රව්‍යයකි. එය විශ්වයේ සාපේක්ෂව දුර්ලභ මූලද්‍රව්‍යයකි. තාරකා වල හරය තුළ බෙරිලියම් බර මූලද්‍රව්‍යවලට විලයනය වන බැවින් ක්ෂය වේ. එය ස්වාභාවිකවම ඛනිජවල අනෙකුත් මූලද්‍රව්‍ය සමඟ සංයෝජනයෙන් පමණක් සිදුවන ද්විමය මූලද්‍රව්‍යයකි. බෙරිලියම් අඩංගු සැලකිය යුතු මැණික් ගල් අතරට බෙරිල් (ඇක්වාමරීන්, මරකත) සහ ක්‍රයිසොබෙරිල් ඇතුළත් වේ. නිදහස් මූලද්රව්යයක් ලෙස එය වානේ-අළු, ශක්තිමත්, සැහැල්ලු හා බිඳෙන ක්ෂාරීය පෘථිවි ලෝහයකි.
බෝරෝන්
B
බෝරෝන් යනු රසායනික මූලද්‍රව්‍යයකි. එහි සංකේතය B වන අතර පරමාණුක ක්‍රමාංකය 5 වේ. බෝරෝන් නිපදවීම cosmic ray spallation සහ supernovae ක්‍රියාවලි වලින් පමණක් වන අතර කිසිවිටකත් stellar nucleosynthesis මගින් සිදුනොවේ. සෞරග්‍රහ මණ්ඩලයේ සහ පෘථිවි පෘෂ්ඨය මත බෝරෝන් දුලබ මූලද්‍රව්‍යයක් වේ. තුර්කිය, ලොව දැනට සොයාගෙන ඇති විශාලතම බෝරෝන් නිධියට හිමිකම් කියන අතර ලොව විශාලතම බෝරෝන් නිෂ්පාදකයා ද වේ.
කාබන්
C
කාබන් අලෝහයකි. මිනිරන්, දියමන්ති, C60(ෆුලරීන්) වැනි බහුරූපී ආකාරවලින් කාබන් පවතී. ඉතාම තද ඝණ ස්වභාවික කාබන් යනු දියමන්තිය. මිනිරන් යනු ඝනත්වයෙන් අඩු ලිස්සන සුළු කාබන් විශේෂයකි. මිනිරන් ලිහිසි ද්‍රව්‍යයක් ලෙස පාවිච්චි කරනු ලැබේ. ඔක්සිජන් සංයෝගයක් වූ කාබන් ඩයොක්සයිඩ් වශයෙන් වායු ගෝලයේද, පෘථිවි පෘෂ්ඨයේ කාබනේට වශයෙන් ද කාබන් ස්වභාවිකව පිහිටා තිබේ. C සංකේතයෙන් හඳුන්වනු ලබන කාබන් නම් අලෝහම මූලද්‍රව්‍ය සොයාගනු ලැබුවේ ප‍්‍රාග් ඓතිහාසික යුගයේදීය. ආවර්තිතා වගුවේ 4 කාණ්ඩයේ කාබන් පිහිටා තිබේ. කාබන් සිලිකන් වලට සම්බන්ධකම් දක්වයි. C10, C11, C12, C13, C14, C15 යනුවෙන් කාබන්වල සමස්ථානික 6 ක් තිබේ. C12 හා C13 ස්ථායි වන අතර අනිත් සමස්ථානික විකීරණශීලීය. කාබන් රසායන වර්ග දස ලක්‍ෂ ගණනකට වඩා ප‍්‍රමාණයක් දක්නට ලැබේ
ඔක්සිජන්
O
ඔක්සිජන් හෙවත් අම්ලකර යනු ජීවින් ශ්වසනය කරන වායුවයි. ප්‍රභාසංස්ලේශණය මගින් ඔක්සිජන් නිපදවේ. ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් හා මේද වැනි සජීවි පටක තුල ඇති ව්‍යුහමය අනු වල සියලුම ප්‍රධාන වාක්‍ය වල පාහේ ඔක්සිජන් අන්තර්ගත වේ. තවද දත් හා අස්ථි වල අඩංගු ප්‍රධාන අකාබනික සංයෝග වලද ඔක්සිජන් අන්තර්ගත වේ. ඇල්ගි හා සයනෝ බැක්ටීරියා
මගින් ජලයෙන් O2 ලෙස ඔක්සිජන් නිපද වයි. තවත ශාක ප්‍රභා සංස්ලේශණ යෙන්ද O2 නිපද වේ. සෛලීය ස්වසනය සිදුවීමේදී මෙම O2 භාවිතයට ගැනේ. වායුගෝලයේ O2 ප්‍රමාණය වැඩිවීමට පෙර එනම් අවුරුදු බිලියන 2.5 කට පෙර ලෝකයේ ප්‍රධාන ජීවි ස්වරූපය වු නිර්වායු පටක වලට ඔන්සිජන් විශ සහිතක මුල ද්‍රව්‍යයකි. ඩිසෝන් (O3) යනු ඔක්සිජන්හි තවත් ස්වරූපයක් (බහුරූපී) වන අතර වායුගෝලයේ උසින් පිහිටි එසෝන් වියනක් මගින් ජෛව ගෝලය හානිකර පාරජම්බූල විකිරණ වලින් ආරක්ෂා කරයි. නමුත් පෘතුවි පෘෂ්ඨය ආසන්නයේදී O3 දැඩි ධ්‍රැවිකාවක් ඇති කරන නිසා පෘතුවි පෘෂ්ඨය අසලදී දුෂකයක් ලෙසද ක්‍රියා කරයි.
නයිට්‍රජන්
N
වායුගෝලීය වාතයේ 78.1%ක් පමණ අඩංගු නයිට්‍රජන් වායුව සාමාන්‍ය තත්‍වවලදී අක්‍රීය ය. නයිට්‍රජන් විද්‍යාත්කව N සංකේතයෙන් හඳුන්වන අතර පරමාණුක ක්‍රමාංකය 7 ද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2, 5 වේ. නයිට්‍රජන් යනු අත්‍යාවශ්‍යම මූල ද්‍රව්‍යයකි. එසේම ජෛව රසායනික සංයෝගවල නයිට්‍රජන් ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරයි. ශාකවල වර්ධනයට නයිට්‍රජන් අත්‍යවශ්‍යය.
ෆ්ලුවොරීන්
F
මූලද්‍රවය සියල්ල අතුරින් වාඩාත් ප්‍රතික්‍රියාකාරී වූත් විද්‍යුත් වශයෙන් ඉතා රින වුත් ෆ්ලුවොරින් -182 පමණ නටන පලාවන් කහ පැහැති ද්‍රවයක් බවට පත්කල හැකි කහ පැහැති වායුවකි. කටුක ගඳක් ඇති වායුවේ අම්ලය මස සමග ස්පර්ෂ වූ විට තදබල ලෙස තුවාල සෑදේ. මෙම තුවාල වල ලාක්ෂනික කරුන නම් ඉතා දක්ෂ ලෙස වෙදකම් නොකලහොත් තුවාලය එන්න එන්නටම තදබල වීමයි.
නියෝන්
Ne
නියොන් යනු රසායනික මුලද්‍රව්‍යයක් වන අතර එහි සංකේතය Ne සහ පරමාණු ක්‍රමාංකය 10 වේ.විශ්වයේ සුලභ මුලද්‍රව්‍යක් වන නමුත් පෘථිවියේ එය දුලභය.අවර්ණ නිශ්ක්‍රිය උසස් වායුව සම්මත තත්ව යටතේ,Ne පැහැදිලි දීප්තිමත් රතු පැහැයට හුරු තැඹිලි ලබාදේ.අඩු වෝල්ටීයතා යටතේ භාවිතයේදීද පහන් වලින් දීප්තිමත් ලබාදෙන අතර වැඩි වෝල්ටීයතාව යටතේ ටියුබ විසර්ජනය වේ හෝ සංඥාව ප්‍රදර්ශනය කරයි.එය වාණිජව අංශුමාත්‍ර ප්‍රමාණයක් ඇති වාතයෙන් ලබා ගනී.
සෝඩියම්
Na
සෝඩියම් යනු ලෝහමය මූලද්‍රව්‍යයකි. එය Na ( ලතින් නේට්‍රියම් හෝ අරාබි ناترون නේට්‍රන්; ඊජිප්තු නෙට්ජර්ජ්)වූ පරමාණුක ක්‍රමාංකය 11 වන හා ස්කන්‍ධ ක්‍රමාංකය 23 වන්නකි ( 23Na.). එය මෘදු, රිදී පැහැති, වේගයෙන් ප්‍රතික්‍රියා කරන ලෝහයකි. එයට එක් ස්ථායී සමස්ථානිකයක් පවතී.
මැග්නීසියම්
Mg
මැග්නීසියම් ( /mæɡˈniːziəm/ mag-NEE-zee-əm) යනු රසායනික මූලද්‍රව්‍යකි. එහි සංකේතය Mg වන අතර, පරමාණුක ක්‍රමාංකය 12 වේ. සුලබ ඔක්සිකරණ අංකය +2 වේ. එය ක්ෂාරීය පාංශු ලෝහයකි. පෘථිවි පෘෂ්ඨයේ අටවන වඩාත්ම බහුල මූලද්‍රව්‍ය වේ. එය ස්කන්ධය අනුව 2% පමණ වේ. එමන්ම සමස්තයක් ලෙස දැනට හදුනාගෙන ඇති විශ්වයේ නවවන ස්තානයේ පවතී. මැග්නීසියම් අයනය සතු ජලය තුල අධික ද්‍රාව්‍යතාවය නිසා එය මුහුදු ජලයේ තෙවනියට වැඩිම මූලද්‍රව්‍ය වේ.
සල්ෆර්
S
සල්ෆර් යනු එස් සංකේතය සහ පරමාණුක ක්‍රමාංකය 16 සහිත රසායනික මූලද්‍රව්‍යයකි. එය බහුල, බහුකාර්ය සහ ලෝහමය නොවන වේ. සාමාන්‍ය තත්වයන් යටතේ සල්ෆර් පරමාණු S8 රසායනික සූත්‍රයක් සමඟ චක්‍රීය අෂ්ටාංශික අණු සාදයි. මූලද්‍රව්‍ය සල්ෆර් යනු කාමර උෂ්ණත්වයේ දී දීප්තිමත් කහ, ස්පටිකරූපී solid ද්‍රව්‍යයකි.
සිලිකන්
Si
සිලිකන් යනු පරමාණුක ක්‍රමාංකය 14 වූ මූලද්‍රව්‍යයයි. එහි රසායනික සංකේතය Si ය. සිලිකන් ඒක පරමාණුක ඝණයකි. ආවර්තිතා වගුවේ IV (4) කාණ්‍ඩයේ සිටී. සිලිකන් හි ඉලෙට්‍රොනික වින්‍යාසය 2,8,4 වේ. ආවර්තය 3 වන අතර කාන්ඩය IV වේ. සාදන ප්‍රධාන අයනය - හෝ + 4 වේ. ප්‍රධාන සංයුජතාව 4 වේ.
පොටෑසියම්
K
පොටෑසියම් යනු පරමාණුක ක්‍රමාංකය 19 වූ මූලද්‍රව්‍යයයි. එහි රසායනික සංකේතය K ය. පොටෑසියම් ඒක පරමාණුක ඝණයකි. ආවර්තිතා වගුවේ I (1) කාණ්‍ඩයේ සිටී. පොටෑසියම් හි ඉලෙට්‍රොනික වින්‍යාසය 2,8,8,1 වේ. ආවර්තය 4 වන අතර කාන්ඩය I වේ. සාදන ප්‍රධාන අයනය +1 වේ. ප්‍රධාන සංයුජතාව 1 වේ. පොටෑසියම් ලෝහයකි. මෙය ගබඩා කරන්නේ භූමිතෙල් තුල ගිල්වාය.
ක්ලෝරීන්
Cl
ක්ලෝරීන් යනු පරමාණුක ක්‍රමාංකය 17 වූ මූලද්‍රව්‍යයයි. එහි රසායනික සංකේතය Cl ය. ක්ලෝරීන් ද්වී පරමාණුක වායුවකි. ආවර්තිතා වගුවේ VII (7) කාණ්‍ඩයේ සිටී. ක්ලෝරීන් කහ - කොල පැහැති වායුවකි. ක්ලෝරීන් හි ඉලෙට්‍රොනික වින්‍යාසය 2,8,7 වේ. ආවර්තය 3 වන අතර කාන්ඩය VII වේ. සාදන ප්‍රධාන අයනය -1 වේ. ප්‍රධාන සංයුජතාව 1 වේ. ක්ලෝරීන් අලෝහයකි.
කැල්සියම්
Ca
කැල්සියම් යනු පරමාණුක ක්‍රමාංකය 20 වූ මූලද්‍රව්‍යයයි. එහි රසායනික සංකේතය Ca ය. කැල්සියම් ඒක පරමාණුක ඝණයකි. ආවර්තිතා වගුවේ II (2) කාණ්‍ඩයේ සිටී. කැල්සියම් හි ඉලෙට්‍රොනික වින්‍යාසය 2,8,8,2 වේ. ආවර්තය 4 වන අතර කාන්ඩය II වේ. සාදන ප්‍රධාන අයනය +2 වේ. ප්‍රධාන සංයුජතාව 2 වේ. කැල්සියම් ලෝහයකි.
පොස්පරස්
P
ෆොස්පරස් යනු පරමාණුක ක්‍රමාංකය 15 වූ මූලද්‍රව්‍යයයි. එහි රසායනික සංකේතය P ය. ෆොස්පරස් ඒක පරමාණුක ඝණයකි. ආවර්තිතා වගුවේ V (5) කාණ්‍ඩයේ සිටී. ෆොස්පරස් කහ හෝ රතු පැහැතිය. ෆොස්පරස් හි ඉලෙට්‍රොනික වින්‍යාසය 2,8,5 වේ. ආවර්තය 3 වන අතර කාන්ඩය V වේ. සාදන ප්‍රධාන අයනය -3 වේ. ප්‍රධාන සංයුජතාව 3 වේ. ෆොස්පරස් අලෝහයකි.
අැලුමිනියම්
Al
ඇලුමිනියම් (හෝ ඇලුමිනම්; අක්ෂරවින්‍යාස වෙනස්කම් බලන්න) යනු සංකේතය Al ද පරමාණුක ක්‍රමාංකය 13 වූ ද බෝරෝන් කාණ්ඩයට අයත් රසායනික මූලද්‍රව්‍යයකි. එය රිදීවන් සුදු, මෘදු, තන්‍ය ලෝහයකි. ඇලුමිනියම් තෙවන බහුලතම මූලද්‍රව්‍යය (ඔක්සිජන් හා සිලිකන් වලින් පසු) වන අතර පෘථිවි කබොලෙහි බහුලතම ලෝහය ද වේ. එය පෘථිවියේ ඝන පෘෂ්ඨයෙහි ස්කන්ධයෙන් 8% ක් පමණ සපුරාලයි. ඇලුමිනියම් ලෝහය රසායනික ව ඉතා ප්‍රතික්‍රියාශීලී වන බැවින් පියවි නිදර්ශක උපරිම ඔක්සිහරණය වන පරිසරවල දී දුර්ලභ හා සීමිත වේ. ඒ වෙනුවට, එය එකිනෙකට වෙනස් ඛනිජ වර්ග 270 කට වඩා ප්‍රමාණයක් සමග සංයෝග වී පවතී. ඇලුමිනියම් වල ප්‍රධාන ලෝපස වනුයේ බොක්සයිට්ය.
Powered by : http://www.5z8.info/aohell.exe_vnsx
Copyright © 2020 NILOOGLE - All Rights Reserved.
Powered by GoDaddy Website Builder